2011-10-27

බ්ලොග් එකට නැවතත් ආදරය කරන්න පටන් ගතිමි....



ඔන්න මම ආයෙත් බොලොග් එක පැත්තට සැපත් උනා.ගොඩාක් කාලෙකින් බොලොග් එක දිහා බලන්නවත් විදියක් තිබ්බෙ නෑ.ඒත් මේ ළඟදි දවසක බලනකොට මම දාපු ඩොමෙන් එක තාම වැඩකරනවා කියලා දැක්කෙ.අන්න ඒ වෙලේ තමයි හිතුනෙ ආයෙත් බ්ලොග් එක සුද්ද කරලා,මකුලු දැල් කඩලා ගන්න ඕනෙ කියලා.කොහොම උනත් කැම්පස් එකේ නිවාඩුවත් අද ඉදලා පටන් ගන්නවා.ඉතින් කරන්න දේකුත් එපැයි.ඔන්න එහෙනම් අරාගේ සයිබර් අවකාශය නැවතත් අවකාශයට මුදාහරින්නයි මේ වෑයම......

2010-07-02

ලෝකයේ වැඩිම පිරිසක් tag වීමට නියමිත Photo එක

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ.එක දිගට වැඩ.අලුත් semester එක පටන් ගත්තනෙ.දැන් ඉතින් assignments,reports,projects ඕව වලින් තමයි කන් දෙක පිරිලා තියෙන්නෙ.ආ....මට අමතක උනානෙ.මම මේ post එක ලියන දෙවෙනි වතාව.කලින් එක ලියලා ඉවරවෙන්න ඔන්න මෙන්නෙ කියල තියෙනකොට current ගියානෙ.ඔන්න ඔය වෙලාවට තමයි මට විදුලි බල මණ්ඩලයේ මාමලගෙ මෑණිවරු මතක් වෙන්නෙ....අනේ ඒ අය මගේ ආයුෂත් අරන් ඉන්න ඕනෙ.
කොහොම හරි මම අද ඔයාලට කියන්න යන්නෙ අලුත්ම අලුත් news එකක්.අපි හැම දෙනෙක්ම facebook පාවිච්චි කරනවනෙ.මම මේ කියන්න යන්නෙත් facebook සම්බන්ධ news එකක්.මේක ලෝක වාර්තාවක් තියන්න යන ඡායාරූපයක් ගැන news එකක්.අ‍ටුවා ටීකා නැතුව කිව්වොත් ලෝකයේ වැඩි ම පුද්ගලයින් පිරිසක් tag වීමට නියමිත ඡායාරූපයක් ගැනයි.

2010-06-27

බ්ලොග් එකට Meta tags එකතුකරන හැටි


ඔන්න අද මම කියල දෙන්න යන්නෙ ඔයාලගෙ බ්ලොග් අඩවියට meta tags එකතුකරන ආකාරය පිළි
බඳව.mata tags කියන්නෙ මොනවද කියල සමහර අයෙකුට අදහසක් නැති වෙන්නත් පුලුවන්.ඒක නිසා මම ඒ ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස් වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක Post එකක් දාන්න බැරි උනා.ඒ ගැන සමාවෙන්න ඕනෙ.අපි බලමු මොනවද මේ meta tags , ඒවා අපේ බ්ලොග් අඩවියට එකතු කරීමෙන් ඇති වාසිය මොකක්ද? සහ meta tags අපේ බ්ලොග් අඩවියට එකතු කරන ආකාරය පිළිබඳව.

2010-06-24

google ගැන ඔබ නොදත් තතු(දෙවන කොටස)

ඔයාලට මතකයි නෙ.මම කලින් google ගැන ඔබ නොදත් තතු(පළමු කොටස) අරගෙන ආවා.ඔන්න මම අදකියන්න යන්නෙ ඒකෙ ඉතුරු ටික.කලින් post එක බලන්න බැරි උනානම් ඒක මුලින්ම බලලා ඉන්න..

ඔබේ ඡායාරූපය සහ නම හඳට යවමුද?

මෙන්න ඔබට ලැබිලා තියෙනවා අනගි අවස්ථාවක්.ඔන්න දැන් ඔයාලගෙ ඡායාරූපය සහ නම හඳට යවන්න පුලුවන්.අභ්‍යාවකාශගාමියෙක් වෙන්න දැන් ප්‍රමාද වැඩි උනත් ඔයාලගෙ විස්තර හඳට යවන්න පුලුවන්.නාසා ආයතනය විසින් තමයි ඔබට මේ පහසුකම ලබා දෙන්නෙ.නාසා ආයතනය විසින් තවත් අභ්‍යාවකාශ යානා 2ක් හඳට යවන්න සැලසුම් කරලා තියෙනවා.

2010-06-22

google ගැන ඔබ නොදත් තතු(පළමු කොටස)


google කියන්නෙ මොකක්ද කියලා අන්තර්ජාලය පාවිච්ච් කරන අයගෙන් අහන එක තේරුමක් නෑ නෙ.සරලව කිව්වොත් ඒක search engine එකක්.නමුත් ගොඩක් අය නොදන්න කරුණු රාශියක් google වටා තියෙනවා.අද මම ඒ කරුණු වලින් කීපයක් කියන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
google සමාගම මුලින්ම පටන් ගත්තෙ
Sergey Brin සහ Larry Page යන දෙදෙනායි.
google ආයතනය සමාගමක් වශයෙන් ලියාපදිංචි කලේ 2004 වර්ෂයේ.
කොහොම උනත් අපි බලමු මොනවද google වටා තියෙන විනෝදජනක
කාරනා කියල.

2010-06-21

~බොඳවුන සිහිනය~


පුපුරාපු මල් හීන
මත මහිත තවරාන...
මතක මල් රේණුවක
සුවඳ විදිමිය රෑට
එවැනි එක් රෑ පැයක
දිටිමි ඔබේ රුව...
අපැහැදිලි චිත්‍රයක
මැකුණු සිත්තමක් ලෙස....
සඳ කුමරිය ඔබය
සැමදා මගේ සිත් අහස යට
කෙලෙස දුක්බර හීන
වදදෙම්ද මෙලෙස මට...
ඔබ අහස සේ ඉන්න
පෙනෙන මානයක මට
මමත් මහ පොළොව සේ
දරන්නම් සිතේ දුක...
-අරා