2010-07-02

ලෝකයේ වැඩිම පිරිසක් tag වීමට නියමිත Photo එක

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ.එක දිගට වැඩ.අලුත් semester එක පටන් ගත්තනෙ.දැන් ඉතින් assignments,reports,projects ඕව වලින් තමයි කන් දෙක පිරිලා තියෙන්නෙ.ආ....මට අමතක උනානෙ.මම මේ post එක ලියන දෙවෙනි වතාව.කලින් එක ලියලා ඉවරවෙන්න ඔන්න මෙන්නෙ කියල තියෙනකොට current ගියානෙ.ඔන්න ඔය වෙලාවට තමයි මට විදුලි බල මණ්ඩලයේ මාමලගෙ මෑණිවරු මතක් වෙන්නෙ....අනේ ඒ අය මගේ ආයුෂත් අරන් ඉන්න ඕනෙ.
කොහොම හරි මම අද ඔයාලට කියන්න යන්නෙ අලුත්ම අලුත් news එකක්.අපි හැම දෙනෙක්ම facebook පාවිච්චි කරනවනෙ.මම මේ කියන්න යන්නෙත් facebook සම්බන්ධ news එකක්.මේක ලෝක වාර්තාවක් තියන්න යන ඡායාරූපයක් ගැන news එකක්.අ‍ටුවා ටීකා නැතුව කිව්වොත් ලෝකයේ වැඩි ම පුද්ගලයින් පිරිසක් tag වීමට නියමිත ඡායාරූපයක් ගැනයි.