2010-07-02

ලෝකයේ වැඩිම පිරිසක් tag වීමට නියමිත Photo එක

ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ.එක දිගට වැඩ.අලුත් semester එක පටන් ගත්තනෙ.දැන් ඉතින් assignments,reports,projects ඕව වලින් තමයි කන් දෙක පිරිලා තියෙන්නෙ.ආ....මට අමතක උනානෙ.මම මේ post එක ලියන දෙවෙනි වතාව.කලින් එක ලියලා ඉවරවෙන්න ඔන්න මෙන්නෙ කියල තියෙනකොට current ගියානෙ.ඔන්න ඔය වෙලාවට තමයි මට විදුලි බල මණ්ඩලයේ මාමලගෙ මෑණිවරු මතක් වෙන්නෙ....අනේ ඒ අය මගේ ආයුෂත් අරන් ඉන්න ඕනෙ.
කොහොම හරි මම අද ඔයාලට කියන්න යන්නෙ අලුත්ම අලුත් news එකක්.අපි හැම දෙනෙක්ම facebook පාවිච්චි කරනවනෙ.මම මේ කියන්න යන්නෙත් facebook සම්බන්ධ news එකක්.මේක ලෝක වාර්තාවක් තියන්න යන ඡායාරූපයක් ගැන news එකක්.අ‍ටුවා ටීකා නැතුව කිව්වොත් ලෝකයේ වැඩි ම පුද්ගලයින් පිරිසක් tag වීමට නියමිත ඡායාරූපයක් ගැනයි.පසුගිය සතියේ එංගලන්තයේ Glastonbury Festival නමින් සැනකෙලියක් පැවැත්වුනා.මේ සදහා පුද්ගලයින් 70000කට වඩා වැඩි දෙනෙක් සහභාගී වූ බවයි පැවසෙන්නෙ.මෙම සැනකෙලිය සංගීත,නැ‍ටුම්,සර්කස් වගේ විවිධ අංග වලින් හැඩ වැඩ වෙලා තියෙනවා.
මේ සැනකෙලියේදී ගනු ලැබූ ඡායාරූපයක් ගැන තමයි මම කියන්න යන්නෙ.මේ සැනකෙලියට සහභාගී වූ 70000කට වැඩි පිරිස ආවරණය කරලා ඡායාරූපයක් අරන් තියෙනවා.මේ ඡායාරූපය පසුව සංස්කරණය කරලා තමයි අපිට දැකගන්න ලැබෙන්නෙ.මේ ඡායාරූපයේ තියෙන විශෙෂත්වය තමයි එය හාත්පස දර්ශණය වීම.ඒ කියන්නෙ google maps වල වගේ අපිට Zoom කරලා බලන්න හැකියාව තියෙනවා.වැදගතම කාරණය ඒක නෙවේ.මේ ඡායාරූපය facebook හරහා tag කරන්නත් අවස්ථාව ලැබිල තියෙනවා.මේකෙ දැනටමත් දහස් ගණනක් පිරිස් tag කරලා ඉවරයි.
ඕනෙම කෙනෙකුට තමන්ව හෝ තමන්ගේ මිතුරෙක්ව හෝ tag කරන්න පුලුවන්.හැබැයි මේ ඡායාරූපය තියෙන්නෙ facebook එකේනම් නෙවේ.glastonbury වෙබ් අඩවියේ තමයි මෙය තියෙන්නෙ.නමුත් facebook එක හරහා tag කරන්න අවස්ථාව තියෙනවා.
මම වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.ඔයාලම ඒ වෙබ් අඩවියට ගිහින් බලන්නකො.මොකද කියන්නෙ අපිත් මේ විදියට tag කරන්න ඡායාරූපයක් හදමුද?

ප.ලි- මේ ඡායාරූපය බලන්න ඕනෙ නම් tag කරන්න අවශ්‍ය වෙන application එක allow කරන්න ඕනෙ.

8 comments:

  1. hapeee! hadamu hadamu! podak hetapan mama enekan!

    ReplyDelete
  2. එල එල හදමු හදමු !! :n

    ReplyDelete
  3. @dineth, owow warenko....kohe hadannada ban ape musical show ekakata 2000 k wath enne nene.

    @හිඟන්නා,
    කොහේද බං 70000කට එකතු වෙන්න පුලුවන් තැනක් ලංකාවෙ තියෙන්නෙ?.ප්‍රතිචාරයට ස්තූතියි සහෝ.

    @Anonymous :s

    ReplyDelete
  4. අපිත් උත්සහා කළොත් මොකක් හරි කරගන්න බැරිවෙන එකක් නැහැ :)

    ReplyDelete
  5. අනිවා මචං....වෙලාවක් ලැබුනොත් කරලා බලමුකෝ... :q

    ReplyDelete
  6. ado, moko keyane bath packet 1ki and Rs. 50 dunoth kasitiya hoya ganna puluwan machan aniwa! kohomada idea 1ka!
    :n

    ReplyDelete