Showing posts with label තනිකම. Show all posts
Showing posts with label තනිකම. Show all posts

2010-06-21

~බොඳවුන සිහිනය~


පුපුරාපු මල් හීන
මත මහිත තවරාන...
මතක මල් රේණුවක
සුවඳ විදිමිය රෑට
එවැනි එක් රෑ පැයක
දිටිමි ඔබේ රුව...
අපැහැදිලි චිත්‍රයක
මැකුණු සිත්තමක් ලෙස....
සඳ කුමරිය ඔබය
සැමදා මගේ සිත් අහස යට
කෙලෙස දුක්බර හීන
වදදෙම්ද මෙලෙස මට...
ඔබ අහස සේ ඉන්න
පෙනෙන මානයක මට
මමත් මහ පොළොව සේ
දරන්නම් සිතේ දුක...
-අරා

මිලාන වූ වසන්තය


පිපුණු අරවින්ද කොඳ
පෙති හැලී විසිරිලා...
සඳක් ඉකිබිඳ හඬයි
පුංචි තරු මැලවිලා...
කඳුළු මල් තිළිණකර
නුඹ ගිහින් වෙන්වෙලා...
නැහැ පෙනෙන මානයක
ඇත හදක් තනිවෙලා...
අමතකව ගිය අතීතය
යලිදු සිහිපත් වෙලා...
මිය ඇදුනු පෙම් කවට
නෙතින් කඳුළක් ගිලිහුනා...
-අරා

2010-06-09

නුඹ එන්න මගෙ ලොවට.....


නුඹ දුන්නු දුක් කඳුළු
බර වැඩියි මගෙ හිතට
තාම හිත ඉකිගසා හඬනවා....
සඳ එළිය මැළවිලා
ගහකොළත් නිදිවරා
සීතලට වැහි බිංදු වැටෙනවා....
නුඹට බැඳි ආදරය
උණුහුමට ගුලිකරන්
නුඹ එතැයි මගබලා ඉන්නවා.....
නුඹ එන්න ඇවිත් මට
හීනයක් දී යන්න
මගෙ හිතේ නුඹ තාම ඉන්නවා....
~අරා..