෴ අරාගේ සයිබර් අවකාශය ෴
සයිබර් අවකාශයේ මගේ නැවතුම්පොළ
2010-06-21
මිලාන වූ වසන්තය
පිපුණු අරවින්ද කොඳ
පෙති හැලී විසිරිලා...
සඳක් ඉකිබිඳ හඬයි
පුංචි තරු මැලවිලා...
කඳුළු මල් තිළිණකර
නුඹ ගිහින් වෙන්වෙලා...
නැහැ පෙනෙන මානයක
ඇත හදක් තනිවෙලා...
අමතකව ගිය අතීතය
යලිදු සිහිපත් වෙලා...
මිය ඇදුනු පෙම් කවට
නෙතින් කඳුළක් ගිලිහුනා...
-අරා
2010-06-20
ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.(BugMeNot)
අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත්වෙන දෙයක්.ඔයාල දන්නවනෙ සමහර softwares,e-books වගේ දේවල් බානකොට ඔයාලට ඒ
web site එකේ register වෙන්න වෙනවා.ඒක කොච්චර ලොකු කරදරයක්ද කියලා ඔයාල දන්නව ඇතිනෙ.
ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.
තවදුරටත්>>
2010-06-13
***අත්හැරුණු සෙනෙහස***
අමතකම කලා නොව
අමතකම කලා මම
දයාබර ඔබේ නෙත
මට දුන්න සෙනෙහස....
හිතේ රඳවාන උන්
නුඹේ රුව පිනි වැදී
බොඳ වුනා නම් නොවේ
බොඳ කලා සිතුවවම....
හීන් සැරයක් වගේ
හිත වෙලා ගත්ත වග
නෑහුණා නෙවෙයි මට
ඇහුවෙ නෑ ඔබේ හඬ.....
හීන මල් පුබුදාන
සුවඳ විහිදුවත් සිත
නොදැනුනා නෙවෙයි මට
වින්දෙ නෑ ඒ සුවඳ....
නෙතු පියන ඇසිල්ලට
නෙත් පීරන හීනයේ
සුවය නොදැනුනා නොව
විඳිනු බැරි වුනා මට...
මේ කවිය ගෙතුනෙ නෙම්
අත් හැරපු සෙනෙහසින්
සමා ගන්නට නෙවෙයි
සනසවා ගන්න සිත....
2010-06-12
බ්ලොග් අඩවියට Yahoo Chat Box එකක්
අපේ බ්ලොග් අඩවියට එන යන අයත් එක්ක බ්ලොග් අඩවියේ ඉදලම අදහස් හුවමාරු කරන්න තියෙනවනම් කොහොමද?හොදයි නේද? ඔන්න අද මම කියලා දෙන්න යන්නෙ අපේ බ්ලොග් අඩවියට yahoo pingbox එකක් add කරගන්න විදිය.වැඩේ හරිම පහසුයි.
තවදුරටත්>>
2010-06-09
*...වැස්ස...*
වැස්ස...
අඳුරු වලාකුළු
මිලින මල් පෙති
මැළවුණු සඳ එළිය
කුරුළු රෑනක ඈත රාවය
පවසයි ගොළුවතින්
වෙන්වීමට අපට
කාලය පැමිණ ඇති වග.....
මම ඔබට මෙය කියා යමි
පාළුව ශෝකය
හද වෙලාගත් විට
කියවන්න......
මගේ සිතුවිලි තිබුණේ
ඔබ ළඟම පමණකි.....
නුඹ එන්න මගෙ ලොවට.....
නුඹ දුන්නු දුක් කඳුළු
බර වැඩියි මගෙ හිතට
තාම හිත ඉකිගසා හඬනවා....
සඳ එළිය මැළවිලා
ගහකොළත් නිදිවරා
සීතලට වැහි බිංදු වැටෙනවා....
නුඹට බැඳි ආදරය
උණුහුමට ගුලිකරන්
නුඹ එතැයි මගබලා ඉන්නවා.....
නුඹ එන්න ඇවිත් මට
හීනයක් දී යන්න
මගෙ හිතේ නුඹ තාම ඉන්නවා....
~අරා..
2010-06-08
හැරගිය ආදරය ....
අපි හැමෝම ආදරය ලබන්නට හුගක් ආසයි නේ.ඒත් ඒ අසීමිත බැඳීම,ඒ ආදරය අපෙන් වෙන්වෙලා ගියොත්?ඔබට ඒ ගැන හිතන්නත් අපහසුයි නේද
ලොකු දුකකින් ඔබේ හදවත් පිරිලා යාවි.ආදරේ ඔහොම තමයි මිත්‍රයා.ජීවිතය කියන්නෙ ලැබීම් සහ නොලැබීම් අතර දෝලනය වන එකක්.ඔබටවත් මටවත් බෑ ඒක නවත්වන්න.ආදරය කරන්න,මේ මුලු ලෝකයටත් වඩා ආදරය කරන්න.කවදා හරි දවසක ඔබේ දෙතොලට මදහසක් ගෙනේවි ඒ ඔබ පිදූ උත්තරීතර ආදරයේ නාමයෙන්.....?
තවදුරටත්>>
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)