2010-06-27

බ්ලොග් එකට Meta tags එකතුකරන හැටි


ඔන්න අද මම කියල දෙන්න යන්නෙ ඔයාලගෙ බ්ලොග් අඩවියට meta tags එකතුකරන ආකාරය පිළි
බඳව.mata tags කියන්නෙ මොනවද කියල සමහර අයෙකුට අදහසක් නැති වෙන්නත් පුලුවන්.ඒක නිසා මම ඒ ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස් වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක Post එකක් දාන්න බැරි උනා.ඒ ගැන සමාවෙන්න ඕනෙ.අපි බලමු මොනවද මේ meta tags , ඒවා අපේ බ්ලොග් අඩවියට එකතු කරීමෙන් ඇති වාසිය මොකක්ද? සහ meta tags අපේ බ්ලොග් අඩවියට එකතු කරන ආකාරය පිළිබඳව.

2010-06-24

google ගැන ඔබ නොදත් තතු(දෙවන කොටස)

ඔයාලට මතකයි නෙ.මම කලින් google ගැන ඔබ නොදත් තතු(පළමු කොටස) අරගෙන ආවා.ඔන්න මම අදකියන්න යන්නෙ ඒකෙ ඉතුරු ටික.කලින් post එක බලන්න බැරි උනානම් ඒක මුලින්ම බලලා ඉන්න..

ඔබේ ඡායාරූපය සහ නම හඳට යවමුද?

මෙන්න ඔබට ලැබිලා තියෙනවා අනගි අවස්ථාවක්.ඔන්න දැන් ඔයාලගෙ ඡායාරූපය සහ නම හඳට යවන්න පුලුවන්.අභ්‍යාවකාශගාමියෙක් වෙන්න දැන් ප්‍රමාද වැඩි උනත් ඔයාලගෙ විස්තර හඳට යවන්න පුලුවන්.නාසා ආයතනය විසින් තමයි ඔබට මේ පහසුකම ලබා දෙන්නෙ.නාසා ආයතනය විසින් තවත් අභ්‍යාවකාශ යානා 2ක් හඳට යවන්න සැලසුම් කරලා තියෙනවා.

2010-06-22

google ගැන ඔබ නොදත් තතු(පළමු කොටස)


google කියන්නෙ මොකක්ද කියලා අන්තර්ජාලය පාවිච්ච් කරන අයගෙන් අහන එක තේරුමක් නෑ නෙ.සරලව කිව්වොත් ඒක search engine එකක්.නමුත් ගොඩක් අය නොදන්න කරුණු රාශියක් google වටා තියෙනවා.අද මම ඒ කරුණු වලින් කීපයක් කියන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
google සමාගම මුලින්ම පටන් ගත්තෙ
Sergey Brin සහ Larry Page යන දෙදෙනායි.
google ආයතනය සමාගමක් වශයෙන් ලියාපදිංචි කලේ 2004 වර්ෂයේ.
කොහොම උනත් අපි බලමු මොනවද google වටා තියෙන විනෝදජනක
කාරනා කියල.

2010-06-21

~බොඳවුන සිහිනය~


පුපුරාපු මල් හීන
මත මහිත තවරාන...
මතක මල් රේණුවක
සුවඳ විදිමිය රෑට
එවැනි එක් රෑ පැයක
දිටිමි ඔබේ රුව...
අපැහැදිලි චිත්‍රයක
මැකුණු සිත්තමක් ලෙස....
සඳ කුමරිය ඔබය
සැමදා මගේ සිත් අහස යට
කෙලෙස දුක්බර හීන
වදදෙම්ද මෙලෙස මට...
ඔබ අහස සේ ඉන්න
පෙනෙන මානයක මට
මමත් මහ පොළොව සේ
දරන්නම් සිතේ දුක...
-අරා

මිලාන වූ වසන්තය


පිපුණු අරවින්ද කොඳ
පෙති හැලී විසිරිලා...
සඳක් ඉකිබිඳ හඬයි
පුංචි තරු මැලවිලා...
කඳුළු මල් තිළිණකර
නුඹ ගිහින් වෙන්වෙලා...
නැහැ පෙනෙන මානයක
ඇත හදක් තනිවෙලා...
අමතකව ගිය අතීතය
යලිදු සිහිපත් වෙලා...
මිය ඇදුනු පෙම් කවට
නෙතින් කඳුළක් ගිලිහුනා...
-අරා

2010-06-20

ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.(BugMeNot)


අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් වැදගත්වෙන දෙයක්.ඔයාල දන්නවනෙ සමහර softwares,e-books වගේ දේවල් බානකොට ඔයාලට ඒ
web site එකේ register වෙන්න වෙනවා.ඒක කොච්චර ලොකු කරදරයක්ද කියලා ඔයාල දන්නව ඇතිනෙ.
ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.

2010-06-13

***අත්හැරුණු සෙනෙහස***


අමතකම කලා නොව
අමතකම කලා මම
දයාබර ඔබේ නෙත
මට දුන්න සෙනෙහස....
හිතේ රඳවාන උන්
නුඹේ රුව පිනි වැදී
බොඳ වුනා නම් නොවේ
බොඳ කලා සිතුවවම....
හීන් සැරයක් වගේ
හිත වෙලා ගත්ත වග
නෑහුණා නෙවෙයි මට
ඇහුවෙ නෑ ඔබේ හඬ.....
හීන මල් පුබුදාන
සුවඳ විහිදුවත් සිත
නොදැනුනා නෙවෙයි මට
වින්දෙ නෑ ඒ සුවඳ....
නෙතු පියන ඇසිල්ලට
නෙත් පීරන හීනයේ
සුවය නොදැනුනා නොව
විඳිනු බැරි වුනා මට...
මේ කවිය ගෙතුනෙ නෙම්
අත් හැරපු සෙනෙහසින්
සමා ගන්නට නෙවෙයි
සනසවා ගන්න සිත....

2010-06-12

බ්ලොග් අඩවියට Yahoo Chat Box එකක්

අපේ බ්ලොග් අඩවියට එන යන අයත් එක්ක බ්ලොග් අඩවියේ ඉදලම අදහස් හුවමාරු කරන්න තියෙනවනම් කොහොමද?හොදයි නේද? ඔන්න අද මම කියලා දෙන්න යන්නෙ අපේ බ්ලොග් අඩවියට yahoo pingbox එකක් add කරගන්න විදිය.වැඩේ හරිම පහසුයි.

2010-06-09

*...වැස්ස...*

වැස්ස...
අඳුරු වලාකුළු
මිලින මල් පෙති
මැළවුණු සඳ එළිය
කුරුළු රෑනක ඈත රාවය
පවසයි ගොළුවතින්
වෙන්වීමට අපට
කාලය පැමිණ ඇති වග.....
මම ඔබට මෙය කියා යමි
පාළුව ශෝකය
හද වෙලාගත් විට
කියවන්න......
මගේ සිතුවිලි තිබුණේ
ඔබ ළඟම පමණකි.....

නුඹ එන්න මගෙ ලොවට.....


නුඹ දුන්නු දුක් කඳුළු
බර වැඩියි මගෙ හිතට
තාම හිත ඉකිගසා හඬනවා....
සඳ එළිය මැළවිලා
ගහකොළත් නිදිවරා
සීතලට වැහි බිංදු වැටෙනවා....
නුඹට බැඳි ආදරය
උණුහුමට ගුලිකරන්
නුඹ එතැයි මගබලා ඉන්නවා.....
නුඹ එන්න ඇවිත් මට
හීනයක් දී යන්න
මගෙ හිතේ නුඹ තාම ඉන්නවා....
~අරා..

2010-06-08

හැරගිය ආදරය ....

අපි හැමෝම ආදරය ලබන්නට හුගක් ආසයි නේ.ඒත් ඒ අසීමිත බැඳීම,ඒ ආදරය අපෙන් වෙන්වෙලා ගියොත්?ඔබට ඒ ගැන හිතන්නත් අපහසුයි නේද
ලොකු දුකකින් ඔබේ හදවත් පිරිලා යාවි.ආදරේ ඔහොම තමයි මිත්‍රයා.ජීවිතය කියන්නෙ ලැබීම් සහ නොලැබීම් අතර දෝලනය වන එකක්.ඔබටවත් මටවත් බෑ ඒක නවත්වන්න.ආදරය කරන්න,මේ මුලු ලෝකයටත් වඩා ආදරය කරන්න.කවදා හරි දවසක ඔබේ දෙතොලට මදහසක් ගෙනේවි ඒ ඔබ පිදූ උත්තරීතර ආදරයේ නාමයෙන්.....?

2010-06-02

ජීවිතය,ආදරය,‍රැකවරණය...


ඔයාල බලනව ඇති මම මොනවා ගැනද මේ කියන්න යන්නේ කියලා.සෙලින්කෝ එකේ වෙළද දැන්වීමක් ගැනද කියලත් හිතෙනවා ඇති.නෑ.මම කියන්න යන්නෙ මම මෙතෙක් දැක්ක සංවේදීම නිසදැස ගැන.මගේ ඇස් අගට කදුළක් උනපු නිසදැසක් ගැන.?

2010-06-01

අරවින්ද මමයි විරාගයේ...


විරාගයේ අරවින්ද කිවුවට මම විරාගයේ අරවින්දම නෙවේ..කොහොම උනත් ඔන්න මමත් හා හා පුරා කියලා Blog ලියන්න පටන් ගත්තා..ඊට කලින් කියන්න ඕනෙ,මගේ Blog එකට ඔයාලව සාදරයෙන් පිලිගන්නවා.. ගොඩක් කාලයක් Blog එකක් ලියන්න හිතාගෙන හිටියත් ඒක කරන්න ලැබුණේ නෑ.ඉතින් අද තමයි හරියටම Blog ලියන්න පටන් ගත්තෙ.ඉතින් මගේ Blog එකේ ගුණ දොස්,ගල් මුල් ඕන දෙයක් කියන්න..(ඒවනම් නැතත් කමක් නෑ. :P ).ඔන්න අද ඉදලා මමත් Blog ලියනවා.