2010-06-27

බ්ලොග් එකට Meta tags එකතුකරන හැටි


ඔන්න අද මම කියල දෙන්න යන්නෙ ඔයාලගෙ බ්ලොග් අඩවියට meta tags එකතුකරන ආකාරය පිළි
බඳව.mata tags කියන්නෙ මොනවද කියල සමහර අයෙකුට අදහසක් නැති වෙන්නත් පුලුවන්.ඒක නිසා මම ඒ ගැනත් කියන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස් වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක Post එකක් දාන්න බැරි උනා.ඒ ගැන සමාවෙන්න ඕනෙ.අපි බලමු මොනවද මේ meta tags , ඒවා අපේ බ්ලොග් අඩවියට එකතු කරීමෙන් ඇති වාසිය මොකක්ද? සහ meta tags අපේ බ්ලොග් අඩවියට එකතු කරන ආකාරය පිළිබඳව.

මොනවද මේ meta tags?

meta tags කියන්නෙ SEO ඒ කියන්නෙ Search Engine Optimization වලට අත්‍යවශ්‍ය කොටසක්.meta tags වලින් අපේ බ්ලොග් අඩවිය පිළිබඳව කෙටි විස්තරයක් ලබාදෙනවා.meta tags වලින් අපේ බ්ලොග් අඩවියට පැමිණෙන අයට ප්‍රයෝජනයක් නොවුනත් ඒ මගින් අපේ බ්ලොග් අඩවිය search engines වල ඉහල තැනකට ගන්න උපකාරී වෙනවා.google search engine එක අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි,බ්ලොග් අඩවි එයාලගෙ search engine එකට එකතුකරගන්න Robot කෙනෙකුයි crawl කෙනෙකුයි Spider කෙනෙකුයි පාවිච්චි කරනවා.ඒ කියන්නෙ එක්තරා වර්ගයක program එකක්.ඒකෙන් අපේ වෙබ් අඩවියේ ඇති කේත සහ අන්තර්ගතය පිලිබඳව ඇගයීමකට ලක් කරනවා.ඊට පසුව තමයි එයාලගෙ srarch engine එකට අපේ අඩවිය ඇතුලත් වෙන්නෙ.මම කලින් කිව්ව meta tags පාවිච්චි කරන්නේ
මෙන්න මේ ක්‍රියාවලියේදී අපේ බ්ලොග් එක search results වල ඉහල තැනකට ‍රැගෙන ඒමටයි.

meta tag වල සීමාවන්

සීමාවන් ගැන කතා කරනකොට Blogger සම්පූර්ණ ලෙස SEO සදහා සකස් කර නෑ.ආරම්භයේදී meta tags Blogger හි blog සඳහා සකස් කර නෑ.එය අපි විසින් manually කරගන්න ඕනෙ.(මම manually කියන වචනෙ සිංහල තේරුම හෙව්වා.කෝ ඒත් ලස්සන වචනයක් ලැබුනේ නෑනෙ.කවුරුහරි දන්වනවනම් කියන්න.)අනෙක් කරුණ තමයි අපේ බ්ලොග් අඩවියේ title tag එකත් SEO වලට අනුකූලව සකස් වී නෑ.
මේවගේ හේතු නිසා අපේ බ්ලොග් අඩවියට එන අය
අඩුවෙන එක තමයි වෙන්නෙ.මෙච්චර මහන්සිවෙලා බ්ලොග් post ලියාලා ඒව බලන්න කවුරුත් නැත්නම් වැඩක් නෑනෙ.ඒක නිසා ඔයාලත් meta tags,meta descriptions බ්ලොග් අඩවියට එකතු කරලා බලන්න.නමුත් කියන්න ඕනෙ මම මේ කියන ක්‍රමය වැඩිපුරම යෝග්‍ය වෙන්නෙ Blogger හි බ්ලොග් අඩවි වලටයි.හොඳයි අපි බලමු මේක කොහොමද කරන්නෙ කියලා.

මේක කරන්න හරිම පහසුයි.

1 පියවර
මුලින්ම Layout > Edit HTML වෙත යන්න.

2 පියවර
ඊළග පියවරට කලින් ඔයාලගෙ බ්ලොග් අඩවිය Backup කර ගන්න.කෝකටත් හොදයිනෙ.ඔන්න මොනවා හරි උනොත් මට එහෙම කියන්න එපා.

3 පියවර
අනතුරුව Expand widget Templets box එක සලකුණු කර ගන්න.

4 පියවර
අනතුරුව පහත දැක්වෙන කේතය Ctrl+f මගින් සොයා ගන්න
<b:include data='blog' name='all-head-content'/>
5 පියවර
අනතුරුව පියවර 4හි ඇති කේතය පහත දැක්වෙන කේතය මගින් replace කර ගන්න.
<b:include data='blog' name='all-head-content'/>

<meta content='DESCRIPTION HERE' name='description'/>

<meta content='KEYWORDS HERE' name='keywords'/>

<meta content='AUTHOR NAME HERE' name='author'/>

මෙහි AUTHOR NAME HERE කියන එකට අචශ්‍ය නම් ඔබේ නම ඇතුලත් කරන්න පුලුවන්.ඒ code එක අවශ්‍යම නෑ.

6 පියවර
DESCRIPTION HERE ලෙස ඇති ස්ථානයේ ඔබේ බ්ලොග් අඩවිය පිලිබඳව කෙටි විස්තරයක් ඇතුලත් කරන්න.

7 පියවර
KEYWORDS HERE ලෙස ඇති ස්ථානයේ ඔබේ බ්ලොග් අඩවියට ගැලපෙන keywords එකතු කරන්න.ඔයාලට උපරිම ලෙස keywords 200ක් පමණ ඇතුලත් කරන්න පුලුවන්.

8 පියවර
අනතුරුව ඔබේ Template එක save කරගන්න.

නමුත් ඔයාල මතක තියාගන්න ඕනෙ විශේෂ කරුණක් තියෙනවා.ඒ තමයි ඔබේ බ්ලොග් අඩවියේ අනතර්ගතයට නොගැලපෙන keywords එක් කිරීමෙන් වැලකිය යුතුයි.එකම key word එක උපරිම වශයෙන් 3 පාරකට වඩා ඇතුලත් කරන්න එපා.

ඔබ මෙසේ එකතු කල meta tags සාර්ථකව ඇතුලත් වී ඇත්දැයි දැනගැනීමට google වල meta tags analyzer tool කියල search කරන්න.එවිට ලැබෙන වෙබ් අඩවි බොහොමයකින් එම පහසුකම ලබා ගන්න පුලුවන්.
ඔයාලට මේ Post එක වැදගත් උනානම් මතක් කරලා ප්‍රතිචාරයක් එකතු කරලා යන්න.මොකද ගොඩක් කාර්යබහුල උනත් ආයෙත් post එකක් දාන්න හිතේවි ඒක නිසා.

9 comments:

  1. ස්තුතිය ඔයාට මම මේක කරන හැටි හොය හොය හිටියේ බායි :c

    ReplyDelete
  2. එල මචං.කරලා බලපන්. :q

    ReplyDelete
  3. හොද ලිපියක්, අපි හැමෝටම ප්‍රයෝජනවත්. :a

    ReplyDelete
  4. එල එල මරු ලිපිය !!

    ReplyDelete
  5. @ බන්ඩාර,
    බොහොම ස්තූතියි මචං ප්‍රතිචාරයට :d
    @ හිඟන්නා,
    ස්තූතියි සහෝ ප්‍රතිචාරයට...උඹත් උත්සාහ කරල බලපන්. :q

    ReplyDelete
  6. mama Accounting kerana handa da koheda, matath hodata theruna! lol! :D

    ReplyDelete
  7. :q නියමයි..අලුත් දෙයක් දෑනගත්ත.ස්තුති

    ReplyDelete