අමතකම කලා නොව
අමතකම කලා මම
දයාබර ඔබේ නෙත
මට දුන්න සෙනෙහස....
හිතේ රඳවාන උන්
නුඹේ රුව පිනි වැදී
බොඳ වුනා නම් නොවේ
බොඳ කලා සිතුවවම....
හීන් සැරයක් වගේ
හිත වෙලා ගත්ත වග
නෑහුණා නෙවෙයි මට
ඇහුවෙ නෑ ඔබේ හඬ.....
හීන මල් පුබුදාන
සුවඳ විහිදුවත් සිත
නොදැනුනා නෙවෙයි මට
වින්දෙ නෑ ඒ සුවඳ....
නෙතු පියන ඇසිල්ලට
නෙත් පීරන හීනයේ
සුවය නොදැනුනා නොව
විඳිනු බැරි වුනා මට...
මේ කවිය ගෙතුනෙ නෙම්
අත් හැරපු සෙනෙහසින්
සමා ගන්නට නෙවෙයි
සනසවා ගන්න සිත....
එල මචං ගොඩාක් ලස්සනයි.දිගටම ලියපන්.
ReplyDeleteබොහොම අපූරු නිසඳැසක් යාළුවා....keep it up...කියනවා ඇරෙන්න මොනවා කියන්නද.....ඇත්තටම ලස්සනයි...මාර වචන ටික...!!
ReplyDelete@සඳුන්,පසන්,
ReplyDeleteබොහොම ස්තූතියි comment එකට
ඇත්තටම ලස්සන නිසඳැසක් මචන්, really a nice one..
ReplyDelete@kalpa
ReplyDeleteතෑන්කූවේවා සහෝ comment එකට
එලකිරි.. පට්ට මචන්... :s
ReplyDelete@ D-Note,
ReplyDeleteතෑන්කූවේවා සහෝ comment එකට :c