2010-06-02

ජීවිතය,ආදරය,‍රැකවරණය...


ඔයාල බලනව ඇති මම මොනවා ගැනද මේ කියන්න යන්නේ කියලා.සෙලින්කෝ එකේ වෙළද දැන්වීමක් ගැනද කියලත් හිතෙනවා ඇති.නෑ.මම කියන්න යන්නෙ මම මෙතෙක් දැක්ක සංවේදීම නිසදැස ගැන.මගේ ඇස් අගට කදුළක් උනපු නිසදැසක් ගැන.?
අපි අපේම ජීවිත දිහාවට චුට්ටක් හැරිලා බලමු.මතකද ඔබ මුලින්ම දෙපයින් හිටගත්ත දවස.සමහරවිට මතකත් නැතුව ඇති.ඔබ දෙපයින් හිටගනිද්දී කී පාරක් නම් වැටෙන්න ඇත්ද?ඒ වැටෙන වාරයක් පාසාම ඔබට අනතුරක් වෙන්න නොදී ඔබව ‍රැක ගත්තෙ කව්ද?ඒ වෙන කවුරුත් නෙවේ.ඔබේ දෙමව්පියෝ.ඔබේ අම්මයි,තාත්තයි.ඒ අයගේ ආදරත් එක්ක ඔබ කොච්චර දුර ඇවිත්ද?අම්මගේ ආදරයටයි ,තාත්තගේ සෙනෙහසටයි සමාන කරන්න පුලුවන් කිසිම දෙයක් මේ ලෝකෙ නෑ.මේ නිසදැසින් කියවෙන්නෙත් අසීමිත පිය සෙනෙහස ගැන.මේ ලොකේ කොච්චරනම් මව් ගුණ කියවිලා ඇත්ද?නමුත් පිය සෙනෙහස ගැන කියවිලා තියෙන ගීත තියෙන්නේ කොපමණ අඩු ගණනක්ද කියලා ඔබම අත්දැකීමෙන් දන්නවා ඇති.ඔබ පොඩිකාලේ තාත්තා කියන්නේ වීරයෙක්.පුංචි එකෙක්ගෙන් ඇහුවොත් ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා.බොහෝවිට ඔබට ලැබෙන පිලිතුර තමයි "මම අපේ තාත්තා වගේ ලොක්කෙක් වෙනවා" කියන එක.ඒත් ඔබ වයසින් මුහුකුරා යනවිට හුගක් වෙලාවට ඔබට තාත්තව පේන්නේ ඒකධිපතියෙක් විදියට..මම හරි නේද?නමුත් ඔබත් කවදාහරි පිය පදවිය ලැබුනු දාක නිසැකයෙන්ම ඔබට තාත්තාගේ ආදරය ගැන වැටහේවි.ඔව් එතකොට ඔබ ප්‍රමාද වැඩියි.සම්හර විට ඔබේ පියා ජීවතුන් අතර නොයින්නටත් ඉඩ තිබේවි.
මම පිය සෙනෙහස ගැන තවදුරටත් කියන්න යන්නේ නෑ.ඒ මේ ජීවිතයේ තියෙන අසීමාන්තික දේවල් වචන වලට පෙරලන්න බැරි නිසා.හරියට පිය සෙනෙහස වගේ.නිසදැස කියවලා බලන්න.නිසැකයෙන්ම ඔබේ දෑසටත් කදුළක් උනාවි.ඒ ඔබේ පියා ඔබට දුන්නු අසීමිත ආදරයේ නාමයෙන්.!!මගෙ පලමු Post එක නිසා වැරදි ගොඩාක් ඇති.ඒ හැම එකකටම සමාවෙන්න..මම කියපු දෙවල් පොඩ්ඩක් හරි ඇත්ත නම් comment එකක් දාල යන්න.

මවකට මුවාවී නුඹවෙත දිරි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..

4 comments:

  1. Well so true....We do love parents..but for sure we can't measure it or understand it...coz we haven't experienced the parenthood yet...ya true we'll definitely someday...

    ReplyDelete
  2. this nice machan! parents la dura ennema ona oka therenna! uba oka creat kalata uabata oka therrene nethuwa eti keyala 'hetenawa". mata nam hodata therenawa! :'(

    ReplyDelete
  3. ඒක ඇත්ත මචං අපිට හුගක් සමීප අය නැතුව ජීවත් වෙන්න ගොඩක් අමාරුයි.ඇත්ත ඒක මටත් වඩා හොදට උඹට තේරෙනවා ඇති.

    ReplyDelete