2010-06-22

google ගැන ඔබ නොදත් තතු(පළමු කොටස)


google කියන්නෙ මොකක්ද කියලා අන්තර්ජාලය පාවිච්ච් කරන අයගෙන් අහන එක තේරුමක් නෑ නෙ.සරලව කිව්වොත් ඒක search engine එකක්.නමුත් ගොඩක් අය නොදන්න කරුණු රාශියක් google වටා තියෙනවා.අද මම ඒ කරුණු වලින් කීපයක් කියන්නයි බලාපොරොත්තු වෙන්නෙ.
google සමාගම මුලින්ම පටන් ගත්තෙ
Sergey Brin සහ Larry Page යන දෙදෙනායි.
google ආයතනය සමාගමක් වශයෙන් ලියාපදිංචි කලේ 2004 වර්ෂයේ.
කොහොම උනත් අපි බලමු මොනවද google වටා තියෙන විනෝදජනක
කාරනා කියල.



1.Doodles
google doodles කියල කියන්නෙ google logos වලට.logos පාවිච්චි කර්න්නෙ
මොකටද කියලා ඔයාල දන්නවනෙ।කොහොම උනත් මුල් අවධියේ google team
එක doodles එහෙම නැත්නම් logos පාවිච්චි කරලා තියෙන්නෙ එයාල office
එකේ නැහැ කියල කියන්න.ඔයාලට උදාහරණෙකින්ම මේක පැහැදිලි
කරන්නම්කො. 1998 Brin සහ Page සති අන්තයේ Burning Man Festival
කියලා උත්සවයකට ගිය අවස්තාවක දාපු Doodle එකක් තමයි ඉහල රූපයේ
තියෙන්නෙ.මේ අයුරින් කිරීමෙන් ඔවුන් අදහස් කරල තියෙන්නෙ එයාලගෙ
තාක්ෂණික ගැටලු එම කාලයේදී නිවැරදි කරන්න බැරි බව එයාලගෙ
users ලට කියන්නයි.
මේ දක්වා එලිදක්වා ඇති සියලුම Doodles මෙතනින් බලන්න।

2google හි මුල්ම data storage එක

මේක නම් ටිකක් හිනා යන සිද්දියක්.google ලගෙ මුල්ම data storage capasity
එක වෙලා තියෙන්නෙ 10GB hard disks 4 ක්.ඒ කියන්නෙ 40GB capasity
එකක්.හිනායන කාරනය ඒක නෙවෙයි.එයාල මේ hard disks තැන්පත් කරල
තිබුණු අසුරනය හදලා තියෙන්නෙ Buliding Blocks වලින්.කොහොමද වැඩේ.
ඒත් ඒකටත් එක හේතුවක් තිබිලා තියෙනවා.ඒ තමයි ඉක්මනින් එහා මෙහා ගෙන
යන්නත් විශාල කරන්නත් පහසු වීම.මේකට යොදාගත්ත Buliding Blocks වල
වර්ණයන් අදටත් google logo එකේ දකින්න පුලුවන්.ඔය ඉහල තියෙන්නෙ
එයාලගෙ data storage කරපු හැටි තමයි.හික් හික්.. :o :o
මෙතනින් ඒ ගැන තවත් පින්තූර බලන්න පුලුවන්

3 Twitter හි පලමු google post එක.



google, twitter වල මුලින්ම දාපු post එක තමයි මේ තියෙන්නෙ.
“I’m 01100110 01100101 01100101 01101100 01101001
01101110 01100111 00100000 01101100 01110101 01100011
01101011 01111001 00001010.”
බැලු බැල්මටම ප්‍රහේලිකාවක් වගේමේක සටහන් කරල තියෙන්නෙ binary
codes වලින්.නමුත් මේ දක්වල තියෙන කේත වචන වලට හැරෙව්වාම මොකක්
ලැබෙයි කියලද හිතන්නෙ?ඒක තමයි google ලගෙ උදෘත පාඨය.
"I'm feeling lucky." කොහොමද වැඩේ.මමත් මගෙ බ්ලොග් එකේ නම දාල binary
codes වලින් twitter වල post එකක් දාන්න ඉන්නෙ.මගෙ blog එකත්
ජනප්‍රිය කරන්න. :s

4.google එළුවන්ව කුලියට ගනී.


මේකෙ මාතෘකාව දැක්කම නම් පැහැදිලිවම ඔයාල පුදුම වෙයි .වෙලාවට මේ post එක අප්‍රියල් 1 වෙනිදා දැම්මෙ නැත්තෙ.එහෙනම් ඔයාල සුවර්
එකටම බොරුවක් කියලා හිතනවා.මොනව උනත් කතාව ඇත්ත.
ඒත් මොකටද එළුවො?!@@#!$ එළුවන් යොදාගෙන තමයි google ආයතනයේ
වැවෙන තණකොළ ඉවත් කරන්නෙ.හික් හික්..ඒ කියන්නෙ google පිරිසිදු කරන්නෙ
එළුවො.මේ සඳහා එළුවන්200ක් පමණ යොදා ගන්නවලු. California Grazing
කියන ආයතනයෙන් තමයි එළුවො කුලියට ගන්නෙ।google ආයතනය කොහොමත්
පරිසර හිතකාමී පිලිවෙතක්නෙ අනුගමනය කරන්නෙ.ඒක නිසා වෙන්න ඇති
එළුවන්ව යොදා ගන්නෙ.අනික පඩි ගෙවන්න ඕනෙ කියලයැ. :i

මට වෙලාව තියෙන විදියට එපැයි post එකක් දාන්න.ඒක නිසා මම මේක
කොටස් 2ක් විදියට පල කරන්න තීරණය කලා.ඒ ගැන සමා වෙන්න ඕනෙ.
google ගැන කියන්න තව ගොඩක් තොරතුරු තියෙනවා.ළඟදීම ඉතුරු ටිකත්
අරන් එන්නම්.ඔයාලට google ලගෙ වැඩ ගැන මොනවද හිතෙන්නේ කියල
comment එකක් දාල යන්න අමතක කරන්න එපා.:m

8 comments:

  1. "මේක නම් ටිකක් හිනා යන සිද්දියක්.google ලගෙ මුල්ම data storage capasity
    එක වෙලා තියෙන්නෙ 10GB hard disks 4 ක්."

    google වෙබ් අඩවිය පටන් ගත් කාලෙ අන්තර්ඡාලය අද වගේ ජනප්‍රිය නෑ. 1 TB hard disks වගේ ඒ කාලෙ නෑ.ඒ වගේම වර්ථමානය වගේ අන්තර්ජාලය දියුණුත් නෑ.අන්තර්ජාලය වර්ධනය වුනේ මෑතක. එක නිසා එහෙම කියන එක හරි නෑ.

    http://en.wikipedia.org/wiki/History_of_the_Internet

    ReplyDelete
  2. බොහොම වැදගත් මචං.....උඹ ඉතින් කවදත් new technology ගැන news වලින් හැමදාම අපට ඉස්සරහින් ඉන්නවානේ.....wel sone machn....

    ReplyDelete
  3. මරු කතාව , අර එළුවනෙගේ සීන් එකනම් දැනගත්තේ අද !!! දිගටම ලියපන් ,ජය !!!

    ReplyDelete
  4. @ප්‍රියන්කර,
    මචං මම හිනායන සිද්දිය කියලා අදහස් කලේ 40GB data storage එක නිසා නෙවෙයි.මම හිනායන සිද්දිය කියලා අදහස් කලේ data storage box එක building blocks වලින් සාදා තිබීමයි. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට සහෝ. :c

    @පසන්,
    බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. :s

    @ හිඟන්නා,
    හිටපන් මචං තව නියම කතා කීපයක්ම තියෙනවා.ඉක්මනට Post කරන්නම්. :n

    @කසුන් න්දීශන,lakmal,meeya,
    තෑන්කූ වේවා ප්‍රතිචාරයට :q

    ReplyDelete
  5. Nice article and great blog.
    You can read very interesting stories on google and how the web works in this book
    In The Plex: How Google Thinks, Works, and Shapes Our Lives
    If you like you can download it here
    http://www.amazon.com/Plex-Google-Thinks-Works-Shapes/dp/1416596585
    But you can download torrent of the audio-book and listen free.

    ReplyDelete