2010-06-21

මිලාන වූ වසන්තය


පිපුණු අරවින්ද කොඳ
පෙති හැලී විසිරිලා...
සඳක් ඉකිබිඳ හඬයි
පුංචි තරු මැලවිලා...
කඳුළු මල් තිළිණකර
නුඹ ගිහින් වෙන්වෙලා...
නැහැ පෙනෙන මානයක
ඇත හදක් තනිවෙලා...
අමතකව ගිය අතීතය
යලිදු සිහිපත් වෙලා...
මිය ඇදුනු පෙම් කවට
නෙතින් කඳුළක් ගිලිහුනා...
-අරා

5 comments:

  1. හ්ම්ම්ම්ම්..... මක්කා කොරන්නද බං?? :b

    ReplyDelete
  2. ඒක තමයි ඉතින් මොනවා කරන්නද? :f

    ReplyDelete
  3. ඇත්තටම අරා...මං උඹේ හැම නිසඳැසක්ම කියවනවා ආසාවෙන්.....මං උඹේ රසිකයෙක් වෙච්ච ගානයි....අවුරුදු එකට ඉඳලත් අපි දැනගෙන හිටියෙ නෑනේ අපි සෙට් වෙලා ඉන්නේ මෙහම උන් ඉන්න සෙට් එකකට කියලා.....උඹේ හැම නිර්මාණයකටම ගුණදොස් නොකිව්වට අමනාප වෙන්න එපා....ඒ හැම එකටම කියන්න තියෙන්නේ විශිෂ්ඨයි කියලා තමයි...!!!!well done .... මීට පසන්..

    ReplyDelete
  4. ඇත්තටම ලස්සනයි ඔයගේ කවි, අහම්බෙන් කියවන්න ලැබුනේ
    ම්..... හැමදාම ඔය වගේ කවි ලියන්න


    අයේෂා

    ReplyDelete