2010-06-08

හැරගිය ආදරය ....

අපි හැමෝම ආදරය ලබන්නට හුගක් ආසයි නේ.ඒත් ඒ අසීමිත බැඳීම,ඒ ආදරය අපෙන් වෙන්වෙලා ගියොත්?ඔබට ඒ ගැන හිතන්නත් අපහසුයි නේද
ලොකු දුකකින් ඔබේ හදවත් පිරිලා යාවි.ආදරේ ඔහොම තමයි මිත්‍රයා.ජීවිතය කියන්නෙ ලැබීම් සහ නොලැබීම් අතර දෝලනය වන එකක්.ඔබටවත් මටවත් බෑ ඒක නවත්වන්න.ආදරය කරන්න,මේ මුලු ලෝකයටත් වඩා ආදරය කරන්න.කවදා හරි දවසක ඔබේ දෙතොලට මදහසක් ගෙනේවි ඒ ඔබ පිදූ උත්තරීතර ආදරයේ නාමයෙන්.....?




පිපුණු අරවින්ද කොඳ
පෙති හැලී විසිරිලා....
සඳක් ඉකිබිඳ හඩයි
පුංචි තරු මැලවිලා...
කඳුළු මල් තිළිණකර
නුඹ ගිහින් වෙන්වෙලා...
නැහැ පෙනෙන මානයක
ඇත හදක් තනිවෙලා...
අමතකව ගිය අතීතය
යලිදු සිහිපත් වෙලා...
මිය ඇදුන පෙම්කවට
නෙතින් කඳුළක් ගිලිහුනා...

පසුවදන: ඇත්තටම මම Blog එක පටන් ගත්තේ නිසඳැස්ම ලියන්න විතරක් නෙවේ.තාක්ෂණික ලිපි,කලාව,සංගීතය මේ හැම දෙයක් ගැනම ලියන්න බලාපොරොත්තු වෙනවා.මේ දවස් වල තියෙන කාර්යබහුලතාවය හින්ද තමයි මම ලියපු නිසඳැස් කිහිපයක් දාන්න හිතුවෙ.මට ලස්සනට නිසඳැස් ලියන්නනම් බෑ.ඔයාලත් කියවල comment එකක් දාල යන්න.ඒක මගේ බ්ලොග් ජීවිතයට ගොඩාක් වැදගත් වේවි.

8 comments:

  1. patta machan keep it up .......

    ReplyDelete
  2. තෑක්කූ වේවා මචං...

    ReplyDelete
  3. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි..

    ReplyDelete
  4. ube ai bun maths kale! uba tama yanne waradi pare da koheda! :)
    nice work machan!

    ReplyDelete
  5. ඒක තමයි මමත් බැලුවෙ බං මොකට Maths කලාද කියලා..කොහොම උනත් ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සහෝ..

    ReplyDelete
  6. aniwa aniwa ban..ubata patta lakakyek wenna tibba..machan patta blog eka ban..keep it up bro..maxxaaaaaaaaaaaaaaa :D \m/

    ReplyDelete
  7. @shehan
    තෑන්කූවේවා මචං....

    ReplyDelete